මනස පාලනය
(මේ ක්රම මගේ අත්දැකීමෙන් & පරීක්ශන වලින් හොයාගත්ත ඒවා මිස වෙබ් සයිට් වලින් කොපි කරපුවා නෙවෙයි. හොදම ටික විතරයි මං මෙතන දාන්නේ.)
ඔයා 10$/20$ වගේ පොඩි ගානකින් මේ වැඩේ පටන් ගත්තත්, 100$/200$ වගේ ගානකින් පටන් ගත්තත්, ඔයා හරියට හිත පාලනය කරගත්තේ නැත්නම් ඔයාට මේ වැඩේ කරන්න බැරි වෙනවා. ඒ නිසා ඔයා මේ පෝස්ට් එකේ තියෙන විදිහට ට්රේඩ් කරන්න. ඔයා ට්රේඩින්ග් වලට අලුත් කෙනෙක් නම්, ඔයා කොච්චර ලොකු ගානක් ඩිපොසිට් කරත්, මේ කියලා තියෙන විදිහට කරන්න. මොකද ට්රේඩ් කරනවා කියන්නේ කලාවක්. ඒ රිදම් එක අදුනගත්තේ නැත්නම් ඔයාට ට්රේඩ් කරන්න බෑ.
හරි. මුලින්ම කියන්න ඕන මේ වැඩේ කරන්න නිවසේ පරිසරය ගොඩක් සාමකාමී වෙන්න ඕන. කලබල වාතාවරනයක් තියෙනකොට මේ වැඩේ කරන්න හිතන්නවත් එපා. ඒ වගේම නිදිමතේ/ ලොකු සතුටක් හිතේ තියෙන වෙලාවට ට්රේඩ් කරන්න එපා. වෙන හැගීම් වලින් හිත නිදහස් කරන්, චාර්ට් එක ඇස් දෙකෙන් කියවන ගමන් හිතෙනුත් ඒක තේරුම් අරන් වැඩේ කරන්න.
මුලින්ම ඔයා පෝන් එක හරි, කම්ප්යුටර් එක හරි ලගින් වාඩි වෙන්න. නිදාගෙන ට්රේඩ් කරන්න එපා පෝන් එකෙන් කරනකොට
ඔයා දැන් බලන්න ඕන ඔයාට හොදටම හුරු පුරුදු කදු රටාවක් . චාර්ට් එකේ මුදල් ඒකක අතර මාරු වෙලා, හොද කදු රටාවක් යනකම් චාර්ට් එක දිහා බලන් ඉන්න. වැඩිම උනොත් විනාඩි 20ක් විතර බලන් ඉන්න වෙයි. හරි. ඔහොම බලන් ඉද්දි දැන් ඔයාගේ හිතට විශ්වාස රටාවක් යනවා කියලා ඔයාට දැනුනම, ඔයා ඩිපොසිට් කරපු බැලන්ස් එකේ 10$ න් හරි 100$ හරි 1$ ක් දාන්න ඔයා උඩට හරි පහලට හරි යයි කියලා අනුමාන කරන තැනට. ඔයා අනුමාන කරමු දේ හරි නම්, ඔයා දාපු ට්රේඩ් එක දිනයි.
ඒත් ඔයා හිතපු විදිහට දිනුවේ නැත්නම් මොකද කරන්නේ? දැන් තමයි ගොඩක් දෙනෙක් පරදින තැන. ගොඩ දෙනෙක්ගේ ඉවසීම/දරාගැනීම තියෙන්නේ 1 වෙනි ට්රේඩ් එක දානකම් විතරයි. ඒක පැරදුනොත් එතනින් ඉවසීමත් ඉවරයි. ඒත් ඔයා එහෙම වෙන්න එපා.
ඔයා 1 වෙනි ට්රඩ් එක පැරදුනා කියන්නේ, ඔයා ඉන්නේ කලින් උන්නටත් වඩා අවදානම් තත්වයක. ඒ කියන්නේ 1 වෙනි ට්රේඩ් එක දානකොට ඉවසුවටත් වඩා දැන් ඉවසන්න ඕන. හරි. දැන් ඔයා ආයෙත් චාර්ට් එක දිහා බලන් ඉන්න. මේ පාර නම් හොදටම ශුවර් රටාවක් හොයාගන්නවා කියලා හිතාගෙන. එහෙම හිතලා, හොදටම විශ්වාස රටාවකදි 2 වෙනි ට්රේඩ් එක දාන්න. මේ පාර 10$ - 100$ අතර බැලන්ස් එක තියෙන අය දාන්න ආයෙත් 1$. 100$-200$ අතර බැලන්ස් එක තියෙන අය දාන්න 2$.
හරි. දැන් සමහර විට ඔයා දිනයි. එහෙම නැත්නම් 2 වෙනි පාරටත් ලොස් වෙයි. ඔයා 2 වෙනි ට්රේඩ් එක දිනුවොත්, ඉක්මනටම පොඩ්ඩක් එලියට ගිහින්, විනාඩි 5ක් විතර ඉදලා ඇවිත් ආයෙත් චාර්ට් එක දිහා බලන් ඉන්න හොදම වෙලාවක් එනකම්. ඊට පස්සේ ඔයා ආයෙත් 1$ දාන්න. හොදම රටාවක් බලලා
ඔයා 2 වෙනි ට්රේඩ් එක පැරදුනොත්? ඉක්මනට වැඩේ නවත්තලා එලියට යන්න. එලියට ගිහින් පොඩ්ඩක් රිලැක්ස් වෙලා විනාඩි 5කින් විතර එන්න. ඇවිත් හිතන්න, මේ ට්රේඩ් එකෙන් තමයි මං ගොඩ යන්න ඕන. මේක අනිවා දිනනවා කියලා හිතන් කදු රටාවක් යනකම් බලන් ඉන්න චාර්ට් එක. හොදටම විශ්වාස රටාවක් එනකම් ට්රේඩ් එක දාන්න එපා. මේක නම් ශුවර් කියලා හිතෙන රටාවක් ආපු ගමන් දාන්න 10% - 100$ අතර බැලන්ස් එක තියෙන අය දාන්න ආයෙත් 2$. 100$-200$ අතර බැලන්ස් එක තියෙන අය දාන්න 4$
ඔන්න දැන් ගොඩක් වෙලාවට ඔයා ඒ ට්රේඩ් එක වින් කරයි. වින් කරපු ගමන්, ආයෙත් චාර්ට් එක බලන්න. හොදම රටාවක් යනකම්. හිතට ශුවර් රටාවක් නැත්නම් ට්රේඩ් එක දාන්න එපා. ඊ ලගට දාන ට්රේඩ් එක 1$ක් දාන්න.
හරි. එහෙම කරන්න වෙන්නෙ 3 වෙනි ට්රේඩ් එක දිනුවොත් නේහ්. පැරදුනොත් මොකද කරන්නේ? ඔයා එක දිගට ටේඩ්ස් 3ක් පැරදුනා කියන්නේ , එහෙම වෙන්න හේතු 2ක් තියෙනවා.
1 චාර්ට් එක අවුල්.
2 ඔයාගේ හිත අවුල්
ඒ නිසා ට්රේස් 3ක් එල දිගට ලොස් උනොත්, ඔයා වැඩේ නවත්තන්න. නවත්තලා, ලස්සන ෆිල්ම් එකක් බලන්න. / සිංදු ටිකක් අහන්න(බූට් සිංදු නෙවෙයි) ඒ අහන ගමන් මෙහෙම හිතන්න.
" මං දැන් එක දිගට ට්රේඩ් කරොත්, මගෙ සල්ලි ඔක්කොම ඉවර වෙයි. ඒ නිසා දැනට මේ වැඩේ නවත්තලා, පස්සේ හිත නිදහස් උන වෙලාවක කරනවා කියලා හිතන්න. ඒ වගේම වැද්ගත්ම දෙයක් මතක තියාගන්න. "ට්රේඩ්ස් 3,4ක් එක දිගට ලොස් උනා කියන්නේ ඔයාට කලකිරෙන්න හේතුවක් නෙවෙයි. කොච්චර එක්ස්පර්ට් කෙනෙක්ට උනත් එහෙම දේවල් වෙනවා. ඒත් ඊ ලගට ඔයා හැසිරෙන විදීහෙන් තමයි ඔයාගේ සාර්තකත්වය/අසාර්තකත්වය තීරනේ වෙන්නේ
ඊට පස්සේ ට්රේඩ් කරනකොට ආයෙ අලුතෙන් 1$ ඉදන් පටන් ගන්න
හොඳ උපදෙස් ටිකක්
ReplyDeletebohoma agai lahiru
ReplyDeletemata thiyenne oya adu padu thamai,thnks malli
ReplyDeletethank you . 100% agree with you
ReplyDeleteou dr ekanm godak ayata thiyna prashnayak matath thiynawa danm eke tikk adu karan iwasimen tred karanwa
ReplyDelete