Tuesday, May 30, 2017

බයිනරි ඔප්ශන් කියන්නේ මොකක්ද?

බයිනරි ඔප්ශන් කියන්නේ මොකක්ද?


නමට බය වෙන්න එපා. ඇත්තටම මාත් ඉස්සර හිතුවේ බයිනරි ඔප්ශන් කියන්නේ වැඩ්ඩොන්ට විතරක් කරන්න පුලුවන් දෙයක් කියලා.  ඒත් මං මගෙම ක්‍රමයක් හොයන්,  මේ වැඩේ කරන්න ගත්තම මට තේරුනා මෙච්චර කාලයක් අපේ රටේ මේක කරන උන් කොච්චර කුහකද කියලා.
බයිනරි ඔප්ශන් කියන්නේ මූල්ය වෙලදපලේ සිදුවෙන මිල ඉහල පහල යෑම් කියන අවස්තා 2 මූලික කරගෙන හදපු අදෘශ්යමාන වෙලදපලක්.  ඔයාට පුලුවන් ගෙදර ඉදන් අන්තර්ජාලය හරහා බයිනරි ඔප්ශන් බ්‍රෝකර් කෙනෙක් ‍තෝරගෙන,  එයාලගේ ‍තෝරගත්ත වත්කම් වලට මුදලක් ආයෝජනය  කරලා, නුදුරු අනාගතයෙදි, ඒ වත්කම් වල මිල ඉහල යනවද/පහල යනවද කියලා, 

 චාර්ට් එක බලලා තීරනය කරලා ඔයා තීරනය කරන මුදලක් ඒ අදාල ගනුදෙනුවට යොදන්න. ඔයා තීරනේ කරපු විදිහ නිවැරදි නම්, ඒ අදාල ගනුදෙනුව අවසානයේදි, ඔයා යොදවපු මුදලට අමතරව ඒ මුදලෙන්  60% -92% අතර ගානක් ඔයාගේ බැලන්ස් එකට එකතු වෙනවා. ඔයාට ඕනම වෙලාවක ඒ එකතු වෙන මුදල් ඔයාගේ අතට ගන්න පුලුවන්.




උඩ පොටෝ එකෙන් ඔයාට අවබෝදයක් ගන්න පුලුවන් වෙයි මේක වෙන විදිහ ගැන.


මේ වැඩේ වෙන විදිහ මං සරලවම , ඔයට තේරෙන විදිහට මෙහම කියන්නම්.

සරලවම කියන්නම්.  උදාහරනයකින්.
ඔයා හිතන්න මන් ලග රුපියල් 10ක් තියෙනවා.
ඔයා ලගත් රුපියල් 10ක් තියෙනවා.
අපි දෙන්නටම ඕනෙ මේ තම තමන් ලග තියෙන රුපියල් 10 ට තව කීයක් හරි වැඩිපුර හොයාගන්න.

ඒත් මෙතන අපි දෙන්න ඇර වෙන කිසිම බිස්නස් එකක් කරන්න කෙනෙක්/තැනක් නෑ කියලා හිතන්නකෝ.
එක්කො ඔයාගෙ 10න් කීයක් හරි මට එන්න ඕන.  එහෙම ආවොත් මගෙ සල්ලි වැඩිවෙනවා.  එක්කො මගෙ 10න් කීයක් හරි ඔයාට යනවා.  එතකොට ඔයාට ලාබයි.
ඒත් සල්ලි ඔට්‍ටු අල්ලන එක නීතියෙන් තහනම් කියලත් හිතමුකෝ.
එතකොට ගමේ ඉන්න මුදලාලි ඇවිත් කියනවා
"මට නීතියෙන් අවසර තියෙනවා ඔට්‍ටු අල්ලන බිස්නස් එකකට,  ඔයාල කැමති නම් ඔට්‍ටු අල්ලන්න, හැබැයි මට දෙන්නගෙන් රුපියල ගානේ ඕන "  කියලා.
හරි.  දැන් ප්‍රස්නෙ ඉවරයි.  දැන් ඔට්‍ටුව අල්ලන්නෙ මොකක් ගැන කියලද?
අපි හිතමු අද මැච් එක ගැන?  මන් කියනවා අද මැච් එක අපි දිනනවා කියලා.  ඔයා කියනවා පරදිනවා කියලා.
 ඔට්‍ටුවට දානවා රුපියල් 10ක්.  ඔයාගෙන් 5යි.  මගෙන් 5යි.
ඔන්න ඉතින් මැච් එක දිනනවාලු.
ඔයා පැරදුනා ඔට්‍ටුවෙන්.  මන් දිනුවා.
මට හම්බෙනවා මන් දාපු රුපියල් 5 න් රුපියල් 4කුයි+ ඔයා දාපු 5න් රුපියල් 4 කුයි. = රුපියල් 8
ඇයි දන්නවද?  හරිනම් මට එන්න ඕන රුපියල් 10ක් නේද?.  ඒත් මුදලාලිට දෙන්නගෙන්ම රුපියල ගානේ දෙන්න පොරොන්ඩු උන නිසා 10 න් 2ක් අඩු වෙනවා.
මගෙ ආදායම රුපියල් 8යි.  මගෙ ලාබේ රුපියල් 3යි.
මන් රුපියල් 5ක් දාල අමතර රුපියල් 3කුත් හොයාගත්තා.
තේරුනාද වැඩේ?
ඒත් මේක ඔට්‍ටු ඇල්ලීමක් නෙවෙයි යාලු.  මේක තමයි කොටස් වෙලදපල.  මේකෙදි සමාගම් වල,  මුදල් ඒකක වල මිල ඉහල පහල යන විදිහට තමයි අපේ ලාබේ අලාබේ.

සාමාන්යෙන් ඔට්‍ටුවක් අල්ලන කොට දිනන්න ඉඩ 50% කුයි,  පරදින්න 50% කුයි තියෙනවා.  ඒත් මේකෙදි එහෙම නෑ.  ඔයා හරියට ඩිස්ප්ලේ එක දිහා බලන් රටාව අදුනගෙන  TRADE කරොත් ඔයා දිනුම්.  ඒ කියන්නේ දිනන්න 75% ක් විතර චාන්ස් එකක් තියෙනවා.
මන් සාමන්ය පෙල විතරක් කරපු කෙනෙක්.  මට මේ වැඩෙන් ලොකු ගානක් හොයන්න පුලුවන් උනා කියන්නේ,  අනිවා ඔයාටත් පුලුවන්. .  ඔයා අඩුම රුපියල් 1500ක් දාල ඒක ටික ටික වැඩි කරන් කෝටි ගනන් හොයන්නත් පුලුවන්.  එහෙම නැත්නම් ඔයා දාපු 1500 නැති වෙන්නත් පුලුවන්. ඔන්න ඕකයි බයිනරි ඔප්ශන් කියන්නේ.
 ඊ ලග පෝස්ට් හොදට කියවන්න


No comments:

Post a Comment

ජය මාවතේ ඇරබුම

ආයුබෝවන් යාලුවනේ. මං මේ බ්ලොග් එකෙන් ඔයාලට බයිනරි ඔප්ශන් පිලිබදව මූලික මට්ටමේ ඉදලා, ට්‍රේඩ් එකක් දිනන තැනට එනකම් අවබෝදයක් ලබලා දෙන්න අදහස...