Tuesday, May 30, 2017

SKRILL එකවුන්ට් එකක් සාදන ආකාරය



SKRILL එකවුන්ට් එකක් සාදන ආකාරය



Skrill කියන්නේ හරියට  Paypal, Payza වගේම තමයි.  පිට රටින් අපි හොයන සල්ලි අන්තර්ජාතික නීතිය යටතේ,  කෙලින්ම අපේ Visa කාර්ඩ් එකට දාගන්න බැරි නිසා අපි කරන්නේ අපි හොයන ඒ සල්ලි Skrill එකවුන්ට් එකක් හදලා, ඒකට දාල,  එතනින් අපේ කාර්ඩ් එකට දාගන්න එක.  ඉතින් පියවරෙන් පියවර කියන්නම් Skrill එකවුන්ට් එකක් හදන හැටි.


මුලින්ම මෙතනින් SKRILL වෙබ් සයිට් එකට යන්න 


දැන් මෙහෙම එයි




Open A Free Account ගියාම මෙහෙම එයි




රතු පාටින් කියලා තියෙන විදිහට පුරවන්න.  ඊ ලගට මේ විදිහට එනවා.




ඊට පස්සේ NRXT කරන්න. එතකොට මේ විදිහට එයි.




දැන් ආයෙත් NEXT කරන්න. එතකොට මේ විදිහට එනවා.




දැන් ඔයා යන්න ඔයාගේ ඊ මේල් එකේ ඉන්බොක්ස් එකට.  ස්ක්‍රිල් එකෙන් එකවුන්ට් එක වැරිෆයි කරන්න ලින්ක් එකක් ඇවිත් ඇති. ඒක ක්ලික් කරලා ඒකවුන්ට් එක වැරිෆයි කරගන්න.


ඊ ලගට ඔයාගේ SKRILL එකට ලොග් වෙද්දි මේ පහල තියෙනවා වගේ එකක් එයි. ඒකෙන් 2 step verifycation එක ඔන් කරන්න පුලුවන්.  එත් මම නම් එහෙම කරන්නෙ නෑ.  මොකද බැරි වෙලාවත් පෝන් එකට මොකක් හරි උනොත් Skrill එකට ලොග් වෙලත් හමාරයි නිසා.  ඒ නිසා ඔයාට ඕන නම් ඒක ඔන් කරන්නත් පුලුවන්.  නැත්නම් මේ රවුම් කරලා තියෙන තැන එක පාරක් ඔබලා, ඒ වින්ඩෝ එක ක්ලෝස් කරලා දාන්නත් පුලුවන්. 




දැන් බලමු ඔයාගේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාර්ඩ් එක Skrill එකට ඇඩ් කරන හැටි



ඊ ලගට මේ විදිහට එනවා




ඊ ලගට මේ විදිහට කාර්ඩ් එකේ විස්තර ටිකක් පුරවන්න එයි.  පොටෝ එකෙන් උදව් අරන් ඒක පුරවන්න.




ඊට පස්සේ Save කරන්න. ඔන්න දැන් කාර්ඩ් එක ඇඩ් කරලා ඉවරයි. ඊට පස්සෙ කාර්ඩ් එක ඉස්සරහින් පොඩිවට Verify කියලා වැටිලා ඇති.  එතනින් තමයි අවසාන පියවර කරන්නේ. මගේ කාර්ඩ් එක වැරිෆයි කරලා නිසා එක කරලා පෙන්නන්න විදිහක් නෑ.  ඒ නිසා මං යූ ටියුබ් වීඩීයෝ එකක් මෙතනට දානව කාර්ඩ් එක වැරිෆයි කරන හැටි පෙන්නන.




හරි.  දැන් ඔයාට ප්‍රස්නයක් නැතුව කාර්ඩ් එක වැරිෆයි කරගන්න පුලුවන්.  මේ විදිහෙන් කාර්ඩ් එක වැරිෆයි කරන්න පුලුවන් වෙන්නේ කාර්ඩ් එකේ ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කරලා තියෙනවා නම් විතරයි.  ඔයාට HNB/COMMERCIAL/SEYLAN යන බැන්කු වලින් එකක කාර්ඩ් එකක් SKRILL එකට ඇඩ් කරන්න පුලුවන්.  ඒත් මුලින්ම බැන්කුවට ගිහින් කියන්න, මට මේ කාර්ඩ් එකට
1= ඔන්ලයින් පේමන්ට් කරන පහසුකමයි
2= මොබයිල් බෑන්කින්ග් පහසුකමයි
හදල දෙන්න කියලා.  ඒ 2ම ඇක්ටිව් උනාට පස්සේ තමයි ඔයාට මේ එකට කාර්ඩ් එකෙන් සල්ලි දාන්න පුලුවන් වෙන්නේ. 

3 comments:

  1. Hsbc bank card eken bayda ..skirrll ...????

    ReplyDelete
  2. mama card eka verify karana gehen .card eka verify wedi kepna gena dedi werduna .dana verify wana na.mama wana elutha cad eka eda kagana pulwana weida .

    ReplyDelete
  3. skill welin ez cash hara 171 vitharda mesekatma genan pulwan.

    ReplyDelete

ජය මාවතේ ඇරබුම

ආයුබෝවන් යාලුවනේ. මං මේ බ්ලොග් එකෙන් ඔයාලට බයිනරි ඔප්ශන් පිලිබදව මූලික මට්ටමේ ඉදලා, ට්‍රේඩ් එකක් දිනන තැනට එනකම් අවබෝදයක් ලබලා දෙන්න අදහස...