Tuesday, May 30, 2017

ජය මාවතේ ඇරබුම

ආයුබෝවන් යාලුවනේ.


මං මේ බ්ලොග් එකෙන් ඔයාලට බයිනරි ඔප්ශන් පිලිබදව මූලික මට්ටමේ ඉදලා, ට්‍රේඩ් එකක් දිනන තැනට එනකම් අවබෝදයක් ලබලා දෙන්න අදහස් කරනවා.  ඒ නිසා කරුනාකරලා, ගොඩක් ඉවසීමකින් පෝස්ට් කියවන්න. මොකද මං මේ දේ කරන්නේ කිසිම ලාබයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.  හරි. දැන් ඇති අනන මනන්.  වැඩ පටන් ගමු.  මෙතන ඉදන් පහලට තියෙන හැම පොස්ට් එකම හොදට කියවන්න. ජීවිතේ ගොඩ දාගන්න පාරක් පෙන්නන්න හදන්නේ. ඉවසීම තියෙන අය හරි පාර හොයාගනී කියලා මං හිතනවා. සුබ පැතුම්.



පෙල ගැස්ම

දෙයක් කරනකොට පිලිවෙලකට කරේ නැත්නම් අන්තිමට ඒ වෙනුවෙන් යොදවපු කාලය නිකන් අපතේ යනවා.  ඒ නිසා, මං මේ පෝස්ට් හදලා තියෙන පිලිවෙලටම කියවන්න. ප්‍රොෆෙශනල් ට්‍රේඩර් කෙනෙක් විදිහට මං ඔයාලට  මං මේ වැඩේ කරන විදිහ පෙන්නනවා. ඒත් එකක් මතක තියාගන්න. මට ඔයාව ලගට අරන් එකින් එකට කියලා දෙන්න බැරි නිසා, ඔයාම ටිකක් හිතන්න " මේ මනුස්සයා මෙච්චර සල්ලි හොයන ගමන් මේ වගේ කියලා දෙන්න හදන්නේ අවංකවම තව කෙනෙක් දියුනු වෙනවා බලන්න කැමති නිසානේ"  ඒ නිසා පොඩ්ඩක් මහන්සි වෙලා, මේ වැඩේ කොහොම හරි අල්ලගන්නවා කියලා හිතන්න.
මෙන්න එහෙනම් පෙල ගැස්ම

1= බයිනරි ඔප්ශන් කියන්නේ මොකක්ද?

2= මේ වැඩේ නීත්යානුකූලද?

3= මොන වගේ දැනුමක්ද මේකට ඕන වෙන්නේ ?

4= හොදම බයිනරි ඔප්ශන් බ්‍රෝකර් ලා කවුද?

5=  එකවුන්ට් එකක් හදාගන්නේ කොහොමද?

6= මේ වැඩේ කොහොමද කරන්නේ?

8= SKRILL එකවුන්ට් එකක් සාදන ආකාරය

9= IQ ගිනුමට මුදල් ඩිපොසිට් කරන ආකාරය

8=  Practice Account  (පුහුනු ගිනුම)

9= කදු STRATARGY ( කදු ක්‍රමය)

6= මුදල් කලමනාකරනය කරන්නේ කොහොමද?

7= ට්‍රේඩින් වලට ඉතාමත් අවශ්ය මනස පාලනය කරගන්නා ආකාරය

8= හොයන සල්ලි අතට ගන්නේ කොහොමද?


හරි.  දැන් ඊ ලග පෝස්ට් එකේ ඉදන් පිලිවෙලට කියවන්න




බයිනරි ඔප්ශන් කියන්නේ මොකක්ද?

බයිනරි ඔප්ශන් කියන්නේ මොකක්ද?


නමට බය වෙන්න එපා. ඇත්තටම මාත් ඉස්සර හිතුවේ බයිනරි ඔප්ශන් කියන්නේ වැඩ්ඩොන්ට විතරක් කරන්න පුලුවන් දෙයක් කියලා.  ඒත් මං මගෙම ක්‍රමයක් හොයන්,  මේ වැඩේ කරන්න ගත්තම මට තේරුනා මෙච්චර කාලයක් අපේ රටේ මේක කරන උන් කොච්චර කුහකද කියලා.
බයිනරි ඔප්ශන් කියන්නේ මූල්ය වෙලදපලේ සිදුවෙන මිල ඉහල පහල යෑම් කියන අවස්තා 2 මූලික කරගෙන හදපු අදෘශ්යමාන වෙලදපලක්.  ඔයාට පුලුවන් ගෙදර ඉදන් අන්තර්ජාලය හරහා බයිනරි ඔප්ශන් බ්‍රෝකර් කෙනෙක් ‍තෝරගෙන,  එයාලගේ ‍තෝරගත්ත වත්කම් වලට මුදලක් ආයෝජනය  කරලා, නුදුරු අනාගතයෙදි, ඒ වත්කම් වල මිල ඉහල යනවද/පහල යනවද කියලා, 

 චාර්ට් එක බලලා තීරනය කරලා ඔයා තීරනය කරන මුදලක් ඒ අදාල ගනුදෙනුවට යොදන්න. ඔයා තීරනේ කරපු විදිහ නිවැරදි නම්, ඒ අදාල ගනුදෙනුව අවසානයේදි, ඔයා යොදවපු මුදලට අමතරව ඒ මුදලෙන්  60% -92% අතර ගානක් ඔයාගේ බැලන්ස් එකට එකතු වෙනවා. ඔයාට ඕනම වෙලාවක ඒ එකතු වෙන මුදල් ඔයාගේ අතට ගන්න පුලුවන්.




උඩ පොටෝ එකෙන් ඔයාට අවබෝදයක් ගන්න පුලුවන් වෙයි මේක වෙන විදිහ ගැන.


මේ වැඩේ වෙන විදිහ මං සරලවම , ඔයට තේරෙන විදිහට මෙහම කියන්නම්.

සරලවම කියන්නම්.  උදාහරනයකින්.
ඔයා හිතන්න මන් ලග රුපියල් 10ක් තියෙනවා.
ඔයා ලගත් රුපියල් 10ක් තියෙනවා.
අපි දෙන්නටම ඕනෙ මේ තම තමන් ලග තියෙන රුපියල් 10 ට තව කීයක් හරි වැඩිපුර හොයාගන්න.

ඒත් මෙතන අපි දෙන්න ඇර වෙන කිසිම බිස්නස් එකක් කරන්න කෙනෙක්/තැනක් නෑ කියලා හිතන්නකෝ.
එක්කො ඔයාගෙ 10න් කීයක් හරි මට එන්න ඕන.  එහෙම ආවොත් මගෙ සල්ලි වැඩිවෙනවා.  එක්කො මගෙ 10න් කීයක් හරි ඔයාට යනවා.  එතකොට ඔයාට ලාබයි.
ඒත් සල්ලි ඔට්‍ටු අල්ලන එක නීතියෙන් තහනම් කියලත් හිතමුකෝ.
එතකොට ගමේ ඉන්න මුදලාලි ඇවිත් කියනවා
"මට නීතියෙන් අවසර තියෙනවා ඔට්‍ටු අල්ලන බිස්නස් එකකට,  ඔයාල කැමති නම් ඔට්‍ටු අල්ලන්න, හැබැයි මට දෙන්නගෙන් රුපියල ගානේ ඕන "  කියලා.
හරි.  දැන් ප්‍රස්නෙ ඉවරයි.  දැන් ඔට්‍ටුව අල්ලන්නෙ මොකක් ගැන කියලද?
අපි හිතමු අද මැච් එක ගැන?  මන් කියනවා අද මැච් එක අපි දිනනවා කියලා.  ඔයා කියනවා පරදිනවා කියලා.
 ඔට්‍ටුවට දානවා රුපියල් 10ක්.  ඔයාගෙන් 5යි.  මගෙන් 5යි.
ඔන්න ඉතින් මැච් එක දිනනවාලු.
ඔයා පැරදුනා ඔට්‍ටුවෙන්.  මන් දිනුවා.
මට හම්බෙනවා මන් දාපු රුපියල් 5 න් රුපියල් 4කුයි+ ඔයා දාපු 5න් රුපියල් 4 කුයි. = රුපියල් 8
ඇයි දන්නවද?  හරිනම් මට එන්න ඕන රුපියල් 10ක් නේද?.  ඒත් මුදලාලිට දෙන්නගෙන්ම රුපියල ගානේ දෙන්න පොරොන්ඩු උන නිසා 10 න් 2ක් අඩු වෙනවා.
මගෙ ආදායම රුපියල් 8යි.  මගෙ ලාබේ රුපියල් 3යි.
මන් රුපියල් 5ක් දාල අමතර රුපියල් 3කුත් හොයාගත්තා.
තේරුනාද වැඩේ?
ඒත් මේක ඔට්‍ටු ඇල්ලීමක් නෙවෙයි යාලු.  මේක තමයි කොටස් වෙලදපල.  මේකෙදි සමාගම් වල,  මුදල් ඒකක වල මිල ඉහල පහල යන විදිහට තමයි අපේ ලාබේ අලාබේ.

සාමාන්යෙන් ඔට්‍ටුවක් අල්ලන කොට දිනන්න ඉඩ 50% කුයි,  පරදින්න 50% කුයි තියෙනවා.  ඒත් මේකෙදි එහෙම නෑ.  ඔයා හරියට ඩිස්ප්ලේ එක දිහා බලන් රටාව අදුනගෙන  TRADE කරොත් ඔයා දිනුම්.  ඒ කියන්නේ දිනන්න 75% ක් විතර චාන්ස් එකක් තියෙනවා.
මන් සාමන්ය පෙල විතරක් කරපු කෙනෙක්.  මට මේ වැඩෙන් ලොකු ගානක් හොයන්න පුලුවන් උනා කියන්නේ,  අනිවා ඔයාටත් පුලුවන්. .  ඔයා අඩුම රුපියල් 1500ක් දාල ඒක ටික ටික වැඩි කරන් කෝටි ගනන් හොයන්නත් පුලුවන්.  එහෙම නැත්නම් ඔයා දාපු 1500 නැති වෙන්නත් පුලුවන්. ඔන්න ඕකයි බයිනරි ඔප්ශන් කියන්නේ.
 ඊ ලග පෝස්ට් හොදට කියවන්න


මේ වැඩේ නීත්යානුකූලද?


මේ වැඩේ නීත්යානුකූලද?


ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රස්නය්ක් තමයි මේක. ඒත් ඇත්තටම කියනවා නම් ලංකාව ඇතුලේ කිසිම විදිහකින් නීතියට පටහැනි තත්වයක් දැනට නෑ. සමහර විට ගැබුරින් හොයලා බලනකොට, මේකෙන් සල්ලි ගොඩක් හොයන කොට/ ගොඩක් ලොස් වෙන කොට ඒක මහ බැංකුවට ප්‍රස්නයක් වෙන්න පුලුවන්. ඒත් මං මේ කියලා දෙන්න හදන්නේ එහෙම කිසීම ප්‍රස්නයක් ඇති නොවෙන විදිහට මේ වැඩේ කරන් යන විදිහ.


අනික තව දෙයක්.  සමහරු හිතන් ඉන්නවා "අපි දැන් මේකට සම්බන්ද වෙලා,  කවදා හරි ලංකාවේ මේක තහනම් කරොත්, ඒකෙන් කලින් සම්බන්ද වෙලා උන්න/දැනට ඉන්න අයටත් ප්‍රස්න ඇති වෙයි කියලා". ඒකට නම් මට කියන්න තියෙන්නේ මෙච්චරයි.


" ඔයා එහෙම හිතන කෙනෙක් නම් ඔයා හරියට, වතුර බාල්දියක කිබුලෙක් ඉන්නවද කියලා බයෙන්, ඒ වතුර බාල්දිය වටේ ගිහින් බලන කෙනෙක් වගේ. ලංකාවට ඕන පුලුවන් තරම් විදේශ වලින් මුදල් ගලා ඒම්.  එහෙම නැතුව මේ වැටිලා ඉන්න ආර්තික අගාදයෙන් බේරෙන්න බෑ රටක් විදිහට.  ඉතින් මම නම් කවදාවත් හිතන් නෑ මේ වැඩේ තහනම් කරයි කියලා.  ඒ නිසා ඒ ගැන බයක් ඇති කරගන් නැතුව  ක්‍රමානුකූලව වැඩේට බහිමු



මොන වගේ දැනුමක්ද මේකට ඕන වෙන්නේ?


මොන වගේ දැනුමක්ද මේකට ඕන වෙන්නේ?


මේකට කිසිම ආකාරයක විශේශිත දැනුමක් ඕන වෙන්නේ නෑ.  මං එහෙම කියන්න ප්‍රධාන හේතුව තමයි,  මං මේ වැඩෙන් සාර්තකව ලාබ උපයන කෙනෙක්. ඒත් අඩු ගානේ මං මුදල් ඒකක අතර මිල ඉහල පහල යෑම් චාර්ට් එකක දත්ත බලලා තාක්ශනිකව හොයාගන්නවත් දන්නේ නෑ.
  ඒත් මට මගෙම ක්‍රමයක් තියෙනවා. ලේසියෙන් හොයාගත්ත ක්‍රමයක් නම් නෙවෙයි. උපරිම කට්ටක් කාල හොයාගත්තු දෙයක්. ඉතිරි පෝස්ට් වලින් මං කියලා දෙන්නම් පිලිවෙලට ඒ ගැන.
  ඒ නිසා ඔයා 8 වසර පාස් කෙනෙක් උනත්, ඔයාට හොද ඉවසීමක්/දරාගැනීමක් තියෙනවා නම්,  මේ වැඩෙන් අනිවා ගොඩ යන්න පුලුවන්. 




හොදම බයිනරි ඔප්ශන් බ්‍රෝකර් කවුද?


හොදම බයිනරි ඔප්ශන් බ්‍රෝකර් කවුද?


බයිනරි ඔප්ශන් පටන් ගන්න කලින් මම මාසයක් විතර හෙව්වා හොදම සමාගම මොකක්ද කියලා. රිවීව් සයිට් වල හැම කමෙන්ට් එකක්ම කියෙව්වා.  මොන දේ කරන්නත් ඒ කාලේ මගේ අතේ රුපියල් 20000ක් වගේ තමයි තිබ්බේ. ඒ නිසා මං හැමදේම හොයලා,  අන්තිමට  හොයාගත්තා බයක් නැතුව ලෝකේ දැනට තියෙන හොදම බයිනරි සමාගම. ඒ තමයි

  IQ ඔප්ශන්  


මං දන්න විදිහට නම් , මං හොයපු විදිහට නම් ශ්‍රී ලංකාවේ බයිනරි කරන කිසිම කෙනෙක්ට, තමන් කරගත්ත වැ‍රැද්දක් නිසා ඇරෙන්න වෙන කිසිම විදිහකින් තමන් උපයා ගත්තු මුදල් නොගෙවා ඉදලා නෑ මේ සමාගම. ඒ නිසා හිතේ කිසිම සැකයක් නැතුව පූර්න විශ්වාසෙකින් මේ වැඩේ පටන්ගන්න ඔයාට පුලුවන්.



මේ වැඩේ කොහොමද කරන්නේ??

මේ වැඩේ කොහොමද කරන්නේ??



දැන් තමයි වැදගත්ම කොටස.  ඔයා මේ පෝස්ට් එකේ හැම අකුරක්ම හරියට කියවන්න.  එයාලගේ නීති නොදැන එකවුන්ට් එකක් හැදුවොත් ඔයාට සල්ලි එලියට ගන්නකොට ප්‍රස්න එනවා.  ඒ නිසා මන් කියලා තියෙන විදිහටම කරන්න.  පැහිච්ච කම් කරන්න ගිහින් කාලයයි,  සල්ලියි 2ම නැති කරගන්න එපා.
හරි මන් පොටෝ ටිකක් දාල තේරුම් කරලා දෙන්නම්.   හරිම සරලයි





1 ඉදන් 10වෙනකම් නම්බර් දාල තියෙනවා පේනවා නේද?  මන් එකින් එක තේරුම් කරන්නම්.


මේ තමයි මන් බයිනරි ඔප්ශන් කරන සයිට් එකේ ඇප් එක.  මේක මැශින් එකට ඉන්ස්ටෝල් කරගෙන වැඩ කරන්න පුලුවන් .  ඉන්ටර්නෙට් තියෙන්න ඕන.

මැශින් එක නෝර්මල් එකක් උනාට අවුලක් නෑ.  ඩුවල් කෝර් වගේ අවුලක් නෑ.
මුලින්ම ඔයා සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕන.  මේක කියවලා රෙජිස්ටර් වෙන්න මන් දැන් පොටෝ එකේ දාල තියෙන අංක පිලිවෙලට හදුන්වා දෙන්නම්.

1= ඔයාට පේනවද කොල පාට ඩොට් එකක්? ඒ තමයි වෙලදපලේ හැසිරීම.  ඒ කියන්නේ මිනිස්සු ගනුදෙනු කරන විදිහට අනුව මේ ඩොට් එක ඉහල පහල යාම තීරනේ වෙනවා.  අපි කරන්න ඕන දේ තමයි මේ ඩොට් එක තප්පර 30කින් උඩට යනවද,  පහලට යනවද කියලා තීරනේ කරන එක.

2= මේ සුදු පාට ඉර පේනවා නේද? අපිට පුලුවන් අර කොල පාට ඩොට් එක ඒ ඉර පනින්න කලින් ඊ ලග තප්පර 30 ඉර උඩට යනවද,  පහලට යනවද කියලා අපේ අනුමානය සටහන් කරන්න.  එහෙම සටහන් කරන්නේ ඔය කියන බට්න් 2 යොදාගෙන.

3=  මේ රතු පාට ඉර ලගට අර කොල පාට ඩොට් එක ආවම තමයි අපි අනුමාන කරපු දේ හරි යන්නේ / වරදින්නෙ.

4=  මෙතනින් අපිට පුලුවන් අපි එක ගනුඩෙනුවකට සල්ලි කොච්චර දානවද කියලා අඩු වැඩි කරගන්න.  මේ චාර්ට් එකේ හැටියට නම් අපි දිනන හැම ට්‍රේඩ් එකකින්ම 85% එනවා අපිට.  ඒ කියන්නේ අපි 1$ දැම්මොත්,  1.85$ එනවා

5= මේ තියෙන්නෙ CALL බට්න් එක,  අපි හිතමුකො අර කොල පාට ඩොට් එක එක තැනක තියෙනකොට අපි මේ බට්න් එක එබුවා කියලා.  ඒකෙන් අදහස් වෙන්නේ ඒ කොල පාට ඩොට් එක රතු ඉර ලගට යනකොට අපි ඒ කොල පාට බට්න් එක ඔබපු තැනට වඩා උඩින් අර කොල ඩොට් එක තියෙන්න ඕන කියන එක.  එහෙම උනොත් අපි දිනනවා.

6= මේ තියෙන්නෙ PUT බට්න් එක,  අපි හිතමුකො අර කොල පාට ඩොට් එක එක තැනක තියෙනකොට අපි මේ බට්න් එක එබුවා කියලා.  ඒකෙන් අදහස් වෙන්නේ ඒ කොල පාට ඩොට් එක රතු ඉර ලගට යනකොට අපි ඒ කොල පාට බට්න් එක ඔබපු තැනට වඩා යටින් අර කොල ඩොට් එක තියෙන්න ඕන කියන එක.  එහෙම උනොත් අපි දිනනවා.

7=  ඔයාට පුලුවන් මේ කැමති එකක් සිලෙක්ට් කරලා ට්‍රේඩ් කරන්න.

8= ඔයාට පුලුවන් මේ කැමති එකක් සිලෙක්ට් කරලා ට්‍රේඩ් කරන්න.

9= තව තව මුදල් ඒකක ඇඩ් කරගෙන ගනුදෙනු කරන්න පුලුවන්.  වැඩිම කොමිස් එකක් තියෙන ඒකක ඇඩ් කරගන්න හැම වෙලේම.

10= ඔයාට මේකට සල්ලි දාන්න පුලුවන් මෙතනින්,

ඔයාගෙ එකවුන්ට් එකේ සෙටින්ග් හදාගන්න,  සල්ලි එලියට ගන්න වගේ වැඩ කරන්න පුලුවන් ඔය උඩම 10 ඉලක්කම ලග තියෙන මිනිස් උඩු කයේ පොටෝ එකක් තියෙන තැන ඔබලා.

ඔන්න මං වීඩියෝ එකකුත් දාන්නම් ඔයාට තේරෙන විදිහට.






ඔය වීඩියෝ ටික බලන්න.  ඊට පස්සෙ ඔයාට සාමාන්ය අවබෝදයක් එයි මේ වැඩේ කරන විදිහ ගැන මන් ඊ ලග පෝස්ට් එකකදි කියලා දෙන්නම් මේ වැඩෙන් මං සල්ලි හොයන විදිහ.

මං මේකෙන් හොයපු සල්ලි එලියට ගත්තු සාක්ශියකුත් දාන්නම්. පහල වීඩියෝ එක බලන්න


Practice Account ( පුහුනු ගිනුම)

Practice Account ( පුහුනු ගිනුම)



ඔයා iq එකවුන්ට් එකක් හදනකොට ඔයාට නොමිලේ පුහුනු වෙන්න එකවුන්ට් එකක් එයාල දෙනවා.  ඒ එකවුන්ට් එකේ යන්නෙත් රියල් චාර්ට් එකම තමයි.  වෙනසකට තියෙන්නේ ඒකෙන් ට්‍රේඩ්ස් කරලා සල්ලි හෙව්වට, ඒ සල්ලි එලියට ගන්න බැරි එක විතරයි. ඒ නිසා ඔයා එයාල නොමිලේ දෙන පුහුනු ගිනුමෙන් පුලුවන් තරම් කල් කදු රටා හොයාගන්න පුරුදු වෙලා පුරුදු වෙලා, සැබෑ ගිනුමක් හදාගන්න. පුහුනු ගිනුම සිලෙක්ට් කරන හැටි පොටෝ එකක් දාන්නම් මං




බැලන්ස් එක උඩ ඔබලා, ඊට පස්සෙ ප්‍රැක්ටිස් එකවුන්ට් එක සිලෙක්ට් කරන්නයි ඕන.  පෝන් එකෙත් මෙහෙමම තමයි

SKRILL එකවුන්ට් එකක් සාදන ආකාරය



SKRILL එකවුන්ට් එකක් සාදන ආකාරය



Skrill කියන්නේ හරියට  Paypal, Payza වගේම තමයි.  පිට රටින් අපි හොයන සල්ලි අන්තර්ජාතික නීතිය යටතේ,  කෙලින්ම අපේ Visa කාර්ඩ් එකට දාගන්න බැරි නිසා අපි කරන්නේ අපි හොයන ඒ සල්ලි Skrill එකවුන්ට් එකක් හදලා, ඒකට දාල,  එතනින් අපේ කාර්ඩ් එකට දාගන්න එක.  ඉතින් පියවරෙන් පියවර කියන්නම් Skrill එකවුන්ට් එකක් හදන හැටි.


මුලින්ම මෙතනින් SKRILL වෙබ් සයිට් එකට යන්න 


දැන් මෙහෙම එයි




Open A Free Account ගියාම මෙහෙම එයි




රතු පාටින් කියලා තියෙන විදිහට පුරවන්න.  ඊ ලගට මේ විදිහට එනවා.




ඊට පස්සේ NRXT කරන්න. එතකොට මේ විදිහට එයි.




දැන් ආයෙත් NEXT කරන්න. එතකොට මේ විදිහට එනවා.




දැන් ඔයා යන්න ඔයාගේ ඊ මේල් එකේ ඉන්බොක්ස් එකට.  ස්ක්‍රිල් එකෙන් එකවුන්ට් එක වැරිෆයි කරන්න ලින්ක් එකක් ඇවිත් ඇති. ඒක ක්ලික් කරලා ඒකවුන්ට් එක වැරිෆයි කරගන්න.


ඊ ලගට ඔයාගේ SKRILL එකට ලොග් වෙද්දි මේ පහල තියෙනවා වගේ එකක් එයි. ඒකෙන් 2 step verifycation එක ඔන් කරන්න පුලුවන්.  එත් මම නම් එහෙම කරන්නෙ නෑ.  මොකද බැරි වෙලාවත් පෝන් එකට මොකක් හරි උනොත් Skrill එකට ලොග් වෙලත් හමාරයි නිසා.  ඒ නිසා ඔයාට ඕන නම් ඒක ඔන් කරන්නත් පුලුවන්.  නැත්නම් මේ රවුම් කරලා තියෙන තැන එක පාරක් ඔබලා, ඒ වින්ඩෝ එක ක්ලෝස් කරලා දාන්නත් පුලුවන්. 




දැන් බලමු ඔයාගේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාර්ඩ් එක Skrill එකට ඇඩ් කරන හැටි



ඊ ලගට මේ විදිහට එනවා




ඊ ලගට මේ විදිහට කාර්ඩ් එකේ විස්තර ටිකක් පුරවන්න එයි.  පොටෝ එකෙන් උදව් අරන් ඒක පුරවන්න.




ඊට පස්සේ Save කරන්න. ඔන්න දැන් කාර්ඩ් එක ඇඩ් කරලා ඉවරයි. ඊට පස්සෙ කාර්ඩ් එක ඉස්සරහින් පොඩිවට Verify කියලා වැටිලා ඇති.  එතනින් තමයි අවසාන පියවර කරන්නේ. මගේ කාර්ඩ් එක වැරිෆයි කරලා නිසා එක කරලා පෙන්නන්න විදිහක් නෑ.  ඒ නිසා මං යූ ටියුබ් වීඩීයෝ එකක් මෙතනට දානව කාර්ඩ් එක වැරිෆයි කරන හැටි පෙන්නන.




හරි.  දැන් ඔයාට ප්‍රස්නයක් නැතුව කාර්ඩ් එක වැරිෆයි කරගන්න පුලුවන්.  මේ විදිහෙන් කාර්ඩ් එක වැරිෆයි කරන්න පුලුවන් වෙන්නේ කාර්ඩ් එකේ ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කරලා තියෙනවා නම් විතරයි.  ඔයාට HNB/COMMERCIAL/SEYLAN යන බැන්කු වලින් එකක කාර්ඩ් එකක් SKRILL එකට ඇඩ් කරන්න පුලුවන්.  ඒත් මුලින්ම බැන්කුවට ගිහින් කියන්න, මට මේ කාර්ඩ් එකට
1= ඔන්ලයින් පේමන්ට් කරන පහසුකමයි
2= මොබයිල් බෑන්කින්ග් පහසුකමයි
හදල දෙන්න කියලා.  ඒ 2ම ඇක්ටිව් උනාට පස්සේ තමයි ඔයාට මේ එකට කාර්ඩ් එකෙන් සල්ලි දාන්න පුලුවන් වෙන්නේ. 

IQ ගිනුමට SKRILL එකවුන්ට් එක හරහා මුදල් ඩිපොසිට් කරන ආකාරය

IQ ගිනුමට SKRILL එකවුන්ට් එක හරහා මුදල් ඩිපොසිට් කරන ආකාරය



මං මේ දේත් පිලිවෙලින් පින්තූර වලින් කියලා දෙන්නම්. මුල්ම පියවර.  මුලින්ම IQ එකවුන්ට් එකට ගිහින් Deposit ක්ලික් කරන්න




ඊට පස්සෙ මෙහෙම එනවා.  පහත පොටෝ එක බලලා තේරුම් ගන්න.




පෝන් එකෙත් මේ විදිහම තමයි. වෙනසකට තියෙන්නේ බෝනස් ගන්න එක/නොගන්න එක පේජ් එකේ පහලම තියෙන්නේ. බෝනස් එක එපා නම් Apply Bonus කියන එකට වැටිලා තියෙන හරිය අයින් කරන්න. ඊට පස්සේ මේ විදිහට පුරවලා යටම තියෙන Proceed To Payment ඔබන්න. ඊ ලගට ඔයා ගූගල් ක්‍රෝම් බ්‍රවුසර් එකෙන් ස්ක්‍රිල් වෙබ් සයිට් එකට යයි. පහත පොටෝව බලන්න.



ඊට පස්සේ ලොග් වෙයි ඔයාගේ ස්ක්‍රිල් එකට.  එතනින් Pay කරන්න


දැන් හරි.  දැන් ඔයාගේ IQ එකේ බැලන්ස් එකට ඔයා ස්ක්‍රිල් එකෙන් දාපු ගාන ඩිපොසිට් වෙලා ඇති. 

කදු STRATARGY ( කදු ක්‍රමය)

කදු STRATARGY ( කදු ක්‍රමය)





කදු ක්‍රමය කියන්නේ බයිනරි වලින් ලොස් නොවී වින් කරන්න මං පාවිච්චි කරන ක්‍රමය. සංකීර්න දේවල් මුකූත් නෑ.  ඉතාම සරල දෙයක් තමයි කරන්න තියෙන්නේ. සරලයි කීවට, ඉවසීම නැත්නම් මේක ගොඩාක් සංකීර්නයි, කෙටියෙන් කියනවා නම් මේ ක්‍රමයෙන් ඔයාට වින් කරන්න ඕන එකම දේ තමයි ඉවසීම.

ගොඩක් අය කියනවනේ බයිනරි කරන්න එහෙම ලේසියෙන් බෑ කියලා.  හොදට උගත්කම තියෙන්න ඕන කියලා කියනවනේ. හරි.  ඔන්න එහෙනම් එක දවසක් මේ ක්‍රමය කරලා බලන්න එහෙම කියන කෙනෙක්.

මං ඕනම තැනක බය නැතුව කියනවා,  කදු ක්‍රමය භාවිතා කරලා මේ වැඩේ කරන ඕනම කෙනෙක්ට මේ වැඩෙන් අනිවාර්යෙන්ම මාසෙට හොද ගානක් හොයාගන්න පුලුවන්.  හරි.  දැන් බලමු මොකක්ද මේ කදු Stratargy කියන්නේ කියලා





හරි ඔයා හිතන්න ඕන මේ චාර්ට් එක හැදිලා තියෙන්නේ කදු , පර්වත වලින් කියලා.  ඒ වගේම මං හොයාගත්ත දෙයක් තමයි මේ චාර්ට් එකේ යන කදු රටා හැමදාම නැවත නැවත යනවා කියන දේ. ඒ කියන්නේ හැමදාම, එකම වෙලාවට යනවා කියන එක නෙවෙයි,  ඔයාට කරන්න තියෙන්නේ මේ කදු රටා 3,4ක්  හොයාගෙන,  දවසින් දවස චාර්ට් එකෙන් ඒ කදු රටා හොයාගන්න එකයි. හැබැයි මේ වැඩේට ඉවසීම ඕන ගොඩාක්. සමහර දවස් වලට කදු රටා යන්නෙ නෑ පැය 2,3කට සැරයක් වත්.  එහෙම දවස් වලට ට්‍රේඩ් නොකර ඉන්න ඕන. සති අන්ත දවස් දෙකේ කදු රටා ගොඩක් යනවා. ඒත් විනාඩියෙන් විනාඩිය ට්‍රේඩ් නොකර, ඔයාට හොදටම විශ්වාස කදු රටාවක් එනකම් විනාඩි 30ක්  හරි බලන් ඉදලා, ට්‍රේඩ් එකක් දාල,  දවසට ගානක් හොයාගත්තම ඔයාට හිතෙයි මේ මට හම්බුනේ සල්ලි ගහක් කියලා.

හැබැයි මේ සල්ලි ගහෙන් සල්ලි කඩන්න නම් මූලිකම නීතියක් තියෙනවා.
වැඩියෙ කඩන්න ගියොත් තියෙන සල්ලි ටිකත් නැති වෙනවා.  ඒ නිසා තමන්ගේ හිතේ හැටියට සාක්කු සල්ලි වලින් පුරව ගන් නැතුව, ලොකූ ඉවසීමකින් මේ වැඩේ කරන්න.  එතකොට අනිවාර්යෙන්ම ජය නියතයි ඔයාට.


මං තව කදු රටා ටිකක් දාන්නම් ඔයාට පැහැදිලි වෙන්න










කදු රටා අදුනගන්න නම් ඔයා චාර්ට් එක හොදට පේන විදිහට පොඩි සෙටින්ග්ස් ටිකක් හදාගන්න ඕන.  මං පහලින් පොටෝ 2ක් දාල ඒක පැහැදිලි කරන්නම්.





පෝන් එකෙන් කරනවා නම්  මේ රවුම් කරලා තියෙන තැන් වල ටච් කරලා,  ඒ තියෙන  අගයන් (5S) +  30m) සිලෙක්ට් කරගන්න



කම්පියුටරෙන් කරනවා නම් (15m) දාගන්න


එච්චරයි.  දැන් ඔයාට තියෙන්නේ මේ කදු පන්ති වල රටා 4,5ක් ඔයාගේ හිතට හුරු වෙනකම් ප්‍රැක්ටිස් එකවුන්ට් එකෙන් වැඩ කරන්න.


මගේ වීඩියෝ ටිකත් බැලුවම ඔයාට වැඩේ තව පැහැදිලි වෙයි













මනස පාලනය

මනස පාලනය



(මේ ක්‍රම  මගේ අත්දැකීමෙන් & පරීක්ශන වලින් හොයාගත්ත ඒවා මිස වෙබ් සයිට් වලින් කොපි කරපුවා නෙවෙයි.  හොදම  ටික විතරයි මං මෙතන දාන්නේ.)


ඔයා 10$/20$ වගේ පොඩි ගානකින් මේ වැඩේ පටන් ගත්තත්, 100$/200$ වගේ ගානකින් පටන් ගත්තත්, ඔයා හරියට හිත පාලනය කරගත්තේ නැත්නම් ඔයාට මේ වැඩේ කරන්න බැරි වෙනවා. ඒ නිසා ඔයා මේ පෝස්ට් එකේ තියෙන විදිහට ට්‍රේඩ් කරන්න. ඔයා ට්‍රේඩින්ග් වලට අලුත් කෙනෙක් නම්, ඔයා කොච්චර ලොකු ගානක් ඩිපොසිට් කරත්, මේ කියලා තියෙන විදිහට කරන්න. මොකද ට්‍රේඩ් කරනවා කියන්නේ කලාවක්.   ඒ රිදම් එක අදුනගත්තේ නැත්නම් ඔයාට ට්‍රේඩ් කරන්න බෑ.

හරි.  මුලින්ම කියන්න ඕන මේ වැඩේ කරන්න නිවසේ පරිසරය ගොඩක් සාමකාමී වෙන්න ඕන.  කලබල වාතාවරනයක් තියෙනකොට මේ වැඩේ කරන්න හිතන්නවත් එපා. ඒ වගේම නිදිමතේ/ ලොකු සතුටක් හිතේ තියෙන වෙලාවට ට්‍රේඩ් කරන්න එපා. වෙන හැගීම් වලින් හිත නිදහස් කරන්, චාර්ට් එක ඇස් දෙකෙන් කියවන ගමන් හිතෙනුත් ඒක තේරුම් අරන් වැඩේ කරන්න.

මුලින්ම ඔයා පෝන් එක හරි, කම්ප්යුටර් එක හරි ලගින් වාඩි වෙන්න.  නිදාගෙන ට්‍රේඩ් කරන්න එපා පෝන් එකෙන් කරනකොට

ඔයා දැන් බලන්න ඕන ඔයාට හොදටම හුරු පුරුදු කදු රටාවක් .  චාර්ට් එකේ මුදල් ඒකක අතර මාරු වෙලා, හොද කදු රටාවක් යනකම් චාර්ට් එක දිහා බලන් ඉන්න.  වැඩිම උනොත් විනාඩි 20ක් විතර බලන් ඉන්න වෙයි.  හරි. ඔහොම බලන් ඉද්දි  දැන් ඔයාගේ හිතට විශ්වාස රටාවක් යනවා කියලා ඔයාට දැනුනම, ඔයා  ඩිපොසිට් කරපු බැලන්ස් එකේ 10$ න්  හරි 100$ හරි 1$ ක් දාන්න ඔයා උඩට හරි පහලට හරි යයි කියලා අනුමාන කරන තැනට. ඔයා අනුමාන කරමු දේ හරි නම්, ඔයා දාපු ට්‍රේඩ් එක දිනයි.

ඒත් ඔයා හිතපු විදිහට දිනුවේ නැත්නම් මොකද කරන්නේ?  දැන් තමයි ගොඩක් දෙනෙක් පරදින තැන. ගොඩ දෙනෙක්ගේ ඉවසීම/දරාගැනීම තියෙන්නේ 1 වෙනි ට්‍රේඩ් එක දානකම් විතරයි.  ඒක පැරදුනොත් එතනින් ඉවසීමත් ඉවරයි.  ඒත් ඔයා එහෙම වෙන්න එපා.

ඔයා 1 වෙනි ට්‍රඩ් එක පැරදුනා කියන්නේ, ඔයා ඉන්නේ කලින් උන්නටත් වඩා අවදානම් තත්වයක.  ඒ කියන්නේ 1 වෙනි ට්‍රේඩ් එක දානකොට ඉවසුවටත් වඩා දැන් ඉවසන්න ඕන.  හරි.  දැන් ඔයා ආයෙත් චාර්ට් එක දිහා බලන් ඉන්න.  මේ පාර නම් හොදටම ශුවර් රටාවක් හොයාගන්නවා කියලා හිතාගෙන.  එහෙම හිතලා,  හොදටම විශ්වාස රටාවකදි 2 වෙනි ට්‍රේඩ් එක දාන්න. මේ පාර 10$ - 100$  අතර බැලන්ස් එක තියෙන අය දාන්න ආයෙත් 1$.  100$-200$ අතර බැලන්ස් එක තියෙන අය දාන්න 2$.

හරි.  දැන් සමහර විට ඔයා දිනයි. එහෙම නැත්නම් 2 වෙනි පාරටත් ලොස් වෙයි.  ඔයා 2 වෙනි ට්‍රේඩ් එක දිනුවොත්,  ඉක්මනටම පොඩ්ඩක් එලියට ගිහින්, විනාඩි 5ක් විතර ඉදලා ඇවිත් ආයෙත් චාර්ට් එක දිහා බලන් ඉන්න හොදම වෙලාවක් එනකම්. ඊට පස්සේ ඔයා ආයෙත් 1$ දාන්න.  හොදම රටාවක් බලලා

ඔයා 2 වෙනි ට්‍රේඩ් එක පැරදුනොත්? ඉක්මනට වැඩේ නවත්තලා එලියට යන්න. එලියට ගිහින් පොඩ්ඩක් රිලැක්ස් වෙලා විනාඩි 5කින් විතර එන්න.  ඇවිත් හිතන්න, මේ ට්‍රේඩ් එකෙන් තමයි මං ගොඩ යන්න ඕන. මේක අනිවා දිනනවා කියලා හිතන් කදු රටාවක් යනකම් බලන් ඉන්න චාර්ට් එක. හොදටම විශ්වාස රටාවක් එනකම් ට්‍රේඩ් එක දාන්න එපා. මේක නම් ශුවර් කියලා හිතෙන රටාවක් ආපු ගමන් දාන්න 10% - 100$  අතර බැලන්ස් එක තියෙන අය දාන්න ආයෙත් 2$.  100$-200$ අතර බැලන්ස් එක තියෙන අය දාන්න 4$

ඔන්න දැන් ගොඩක් වෙලාවට ඔයා ඒ ට්‍රේඩ් එක වින් කරයි. වින් කරපු ගමන්, ආයෙත් චාර්ට් එක බලන්න.  හොදම රටාවක් යනකම්. හිතට ශුවර් රටාවක් නැත්නම් ට්‍රේඩ් එක දාන්න එපා. ඊ ලගට දාන ට්‍රේඩ් එක 1$ක් දාන්න.

හරි.  එහෙම කරන්න වෙන්නෙ 3 වෙනි ට්‍රේඩ් එක දිනුවොත් නේහ්.  පැරදුනොත් මොකද කරන්නේ?   ඔයා එක දිගට ටේඩ්ස් 3ක් පැරදුනා කියන්නේ , එහෙම වෙන්න හේතු 2ක් තියෙනවා.

1 චාර්ට් එක අවුල්.
2 ඔයාගේ හිත අවුල්

ඒ නිසා ට්‍රේස් 3ක් එල දිගට ලොස් උනොත්, ඔයා වැඩේ නවත්තන්න. නවත්තලා, ලස්සන ‍ෆිල්ම් එකක් බලන්න. / සිංදු ටිකක් අහන්න(බූට් සිංදු නෙවෙයි)  ඒ අහන ගමන් මෙහෙම හිතන්න.

" මං දැන් එක දිගට ට්‍රේඩ් කරොත්, මගෙ සල්ලි ඔක්කොම ඉවර වෙයි. ඒ නිසා දැනට මේ වැඩේ නවත්තලා, පස්සේ හිත නිදහස් උන වෙලාවක කරනවා කියලා හිතන්න.  ඒ වගේම වැද්ගත්ම දෙයක් මතක තියාගන්න. "ට්‍රේඩ්ස් 3,4ක් එක දිගට ලොස් උනා කියන්නේ ඔයාට කලකිරෙන්න හේතුවක් නෙවෙයි. කොච්චර එක්ස්පර්ට් කෙනෙක්ට උනත් එහෙම දේවල් වෙනවා. ඒත් ඊ ලගට ඔයා හැසිරෙන විදීහෙන් තමයි ඔයාගේ සාර්තකත්වය/අසාර්තකත්වය තීරනේ වෙන්නේ


ඊට පස්සේ ට්‍රේඩ් කරනකොට ආයෙ අලුතෙන් 1$ ඉදන් පටන් ගන්න

මුදල් කලමනාකරනය කරන්නේ කොහොමද?

මුදල් කලමනාකරනය කරන්නේ කොහොමද?



මේ දේ නම් ගොඩක්ම වැදගත් දෙයක් ට්‍රේඩ් කරනකොට. මොකද ගොඩ දෙනෙක්ට මේ වැඩෙන් සල්ලි හොයන්න පුලුවන් උනාට, මේ මුදල් කලමනාකරනය නැති නිසා අන්තිමට හොයපු සේරම නැති කරගන්නවා. මං ඒකට විසදුමක් විදිහට මුදල් කලමනාකරනය කරගන්න විදි 2,3ක් කියලා දෙන්නම්.




1 වෙනි ක්‍රමය 


10$-75$ අතර ඩිපොසිට් සදහා


ට්‍රේඩ් සදහා මුදල් යොදන ආකාරය = 1$, 1$, 2$,  (ට්‍රේඩ් එකක් වින් කිරීමෙන් පසුව නැවත ඊ ලග ට්‍රේඩ් එක සදහා 1$ සිට දැමිය යුතුය)

දවසේ ටාර්ගට් එක =  5$

දවසට දැමිය යුතු උපරිම ට්‍රේඩ්ස් ගනන = 15 (එක දිගට ට්‍රේඩ්ස් 3ක් ලොස් වීමෙන් පසුව එම දවසට ට්‍රේඩ් කිරීම නැවැත්විය යුතුය)

ට්‍රේඩ් 2ක් අතර කාල පරතරය = විනාඩි 5 (අවම) විනාඩි 30 (උපරිම)


විත්ඩ්‍රෝ කල යුතු ආකාරය = පලමුවෙන්ම ඩිපොසිට් කල මුදල් අගය ඉතුරු කොට දිනපතා එකතු වෙන ටාර්ගට් එක දිනපතා විත්ඩ්‍රෝ කල යුතුය



2 වෙනි ක්‍රමය 


75$-150$ අතර ඩිපොසිට් සදහා

ට්‍රේඩ් සදහා මුදල් යොදන ආකාරය = 1$, 2$, 2$, 6$  (ට්‍රේඩ් එකක් වින් කිරීමෙන් පසුව නැවත ඊ ලග ට්‍රේඩ් එක සදහා 1$ සිට දැමිය යුතුය)

දවසේ ටාර්ගට් එක = 10$

දවසට දැමිය යුතු උපරිම ට්‍රේඩ්ස් ගනන = 20 (එක දිගට ට්‍රේඩ්ස් 4ක් ලොස් වීමෙන් පසුව එම දවසට ට්‍රේඩ් කිරීම නැවැත්විය යුතුය)

ට්‍රේඩ් 2ක් අතර කාල පරතරය = විනාඩි 5 (අවම) විනාඩි 30 (උපරිම)


විත්ඩ්‍රෝ කල යුතු ආකාරය = පලමුවෙන්ම ඩිපොසිට් කල මුදල් අගය ඉතුරු කොට දිනපතා එකතු වෙන ටාර්ගට් එක දිනපතා විත්ඩ්‍රෝ කල යුතුය


3 වෙනි ක්‍රමය 


150$-500$ අතර ඩිපොසිට් සදහා

ට්‍රේඩ් සදහා මුදල් යොදන ආකාරය = 2$, 4$, 8$, 15$  (ට්‍රේඩ් එකක් වින් කිරීමෙන් පසුව නැවත ඊ ලග ට්‍රේඩ් එක සදහා 2$ සිට දැමිය යුතුය)

දවසේ ටාර්ගට් එක = 15$

දවසට දැමිය යුතු උපරිම ට්‍රේඩ්ස් ගනන = 25 (එක දිගට ට්‍රේඩ්ස් 4ක් ලොස් වීමෙන් පසුව එම දවසට ට්‍රේඩ් කිරීම නැවැත්විය යුතුය)

ට්‍රේඩ් 2ක් අතර කාල පරතරය = විනාඩි 5 (අවම) විනාඩි 30 (උපරිම)


විත්ඩ්‍රෝ කල යුතු ආකාරය = පලමුවෙන්ම ඩිපොසිට් කල මුදල් අගය ඉතුරු කොට දිනපතා එකතු වෙන ටාර්ගට් එක දිනපතා විත්ඩ්‍රෝ කල යුතුය


4 වෙනි ක්‍රමය 


500$-750$ අතර ඩිපොසිට් සදහා

ට්‍රේඩ් සදහා මුදල් යොදන ආකාරය = 5$, 8$, 16$, 33, $65  (ට්‍රේඩ් එකක් වින් කිරීමෙන් පසුව නැවත ඊ ලග ට්‍රේඩ් එක සදහා 5$ සිට දැමිය යුතුය)

දවසේ ටාර්ගට් එක = 30$

දවසට දැමිය යුතු උපරිම ට්‍රේඩ්ස් ගනන = 25 (එක දිගට ට්‍රේඩ්ස් 5ක් ලොස් වීමෙන් පසුව එම දවසට ට්‍රේඩ් කිරීම නැවැත්විය යුතුය)

ට්‍රේඩ් 2ක් අතර කාල පරතරය = විනාඩි 5 (අවම) විනාඩි 30 (උපරිම)


විත්ඩ්‍රෝ කල යුතු ආකාරය = පලමුවෙන්ම ඩිපොසිට් කල මුදල් අගය ඉතුරු කොට දිනපතා එකතු වෙන ටාර්ගට් එක දිනපතා විත්ඩ්‍රෝ කල යුතුය



Sunday, May 28, 2017

හොයන සල්ලි අතට ගන්නේ කොහොමද?

හොයන සල්ලි අතට ගන්නේ කොහොමද?



මං හිතන්නේ හැමෝම මුලින්ම මේ දේ කරන්න කලින් හොයන්නේ මේකෙන් හොයන සල්ලි අතට ගන්නේ කොහොමද කියන එක. ඔයා මේ වැඩේ කරන්න කලින් ස්ක්‍රිල් එකවුන්ට් එකක් හදන් ඉන්න ඕන. ඒක හදන හැටි මං මුලදි කිව්වා. දැන් බලමු අපි ට්‍රේඩ් කරලා හොයන සල්ලි ස්ක්‍රිල් එකකට විත්ඩ්‍රෝ කරගන්නේ කොහොමද කියලා. කම්පියුටරෙන් විත්ඩ්‍රෝ කරන හැටි මං වීඩියෝ එකක් දාලා කියල දෙන්නම්. පෝන් එකෙන් විත්ඩ්‍රෝ කරන හැටි ස්ක්‍රීන්ශොට් වලින් කියලා දෙන්නම්



මේ තියෙන්නේ කම්පියුටරෙන් ස්ක්‍රිල් එකට විත්ඩ්‍රෝ කරන හැටි




මේ තියෙන්නේ පෝන් එකෙන් ස්ක්‍රිල් එකට විත්ඩ්‍රෝ කරන හැටි










මේ වීඩියෝ එක බලලා, මේ පොටෝ ටික බැලුවට පස්සේ, ඔයාට විත්ඩ්‍රෝ කරන එක ගැන තියෙන ප්‍රස්න ඔක්කොම විසදෙයි



හරි.  දැන් ස්ක්‍රිල් එකට සල්ලි ගෙන්න ගත්තනේ.  දැන් මං කියන්නම් ස්ක්‍රිල් වල ඉදලා අතටම සල්ලි ගන්න හැටි. දැන් වැඩේ ලේසිම කොටස තියෙන්නේ. මුලින්ම ඔයා ඔයාගේ ඩයලොග්/හච්/එටිසෙලාට් සිම් එකකින් #111#  ඩයල් කරලා ඊසි කෑශ් සේවාවට රෙජිස්ටර් වෙන්න ඕනා. ඒක කරන හැටි කියන්න දෙයක් නෑ.  ගොඩක් සරලයි.  ඊට පස්සේ ඔයා ස්ක්‍රිල් එකට ලොග් වෙන්න.  ලොග් වෙලා මොබයිල් වොලට්ස් වලට යන්න.




දැන් මෙහෙම එයි


අන්තිමට ඔයාගේ ඊසි කෑශ් නම්බර් එක දාන්න එයි




දැන් එච්චරයි.  දැන් බලමු ස්ක්‍රිල් එකේ සල්ලි ඊසි කෑශ් වලින් එලියට ගන්නෙ කොහොමද කියලා



දැන් ඊ ලගට එයි මෙහෙම.




දැන් මේ පේජ් එකේ යටම continue ඇති කියලා.  ඒක එබුවම,  ඔයා ස්ක්‍රිල් එකට දුන්න ඔයාගේ උපන් දිනේ අහයි.  ඊ ලගට, ඔයාගේ ස්ක්‍රිල් පාස්වර්ඩ් එක අහයි. එච්චරයි.  ඔන්න දැන් සල්ලි ඔයාගේ පෝන් එකට එයි. ඊ ලගට  ඔයා ඒ පෝන් එකත් අරන් යන්න ටවුන් එකේ කමර්ශල් බැංකුවේ ATM එකට.  ඒකේ ඩිස්ප්ලේ එකේ ඇති CARDLESS WITHDRAW කියලා එකක්.  ඒක සිලෙක්ට් කරලා, සිංහල බාශාව ‍තෝරගත්තම, ඔයාට තේරෙයි ඊ ලග ටික. ඔන්න දැන් ඔයාගේ අතටම සල්ලි එයි.  ඔය විදිහට ඔයාට හැමදාම රුපියල් 10000 ගානේ ගන්න පුලුවන් ඊසි කෑශ් වලින්

ජය මාවතේ ඇරබුම

ආයුබෝවන් යාලුවනේ. මං මේ බ්ලොග් එකෙන් ඔයාලට බයිනරි ඔප්ශන් පිලිබදව මූලික මට්ටමේ ඉදලා, ට්‍රේඩ් එකක් දිනන තැනට එනකම් අවබෝදයක් ලබලා දෙන්න අදහස...